Posts

Showing posts from February, 2022

සිත්තම් අරණ

Image
 නිදහස හෙට දිනට පමණක් නොව මීලග තත්පරයද මහා ඛේදවාචකයක් කළ.... කලක් තව්තිසාව පැරදු ධාන්‍ය ධනය පිරි භූමියකි අප සිටින මේ සියල්ල මැද, මිලින වු මනු සිත "නමුත් සුද්දාගෙන් අප නිදහස්ය "...

සිත්තම් අරණ

 සොබාදම් අරුමය හිරු එළිය මහ පොළව සිබිනකොට හැගෙන්නේ තාත්තගේ උණුසුම වැහි වතුර මහ පොළව තෙමනකොට දැනෙන්නේ අම්මගේ සිසිලස එකයි සොබාදහම මෙච්චර ලස්සන වෙන්න එකම හේතුව....

සිත්තම් අරණ

 සුන්දර ළමාවිය..... හිමිදිරි උදෑසන සුන්දර                          දසුනක්ය මවගේ අතේ එල්ලී යන                        දැරියක්ය නොදැනිම ළමාලොව වෙත ගිය  මොහොතක්ය කාටත් හොරෙන් ඇස අග මගෙ         කදුළක් ය මගේ පොඩි කාලේ වෙත මතකය දිව         යද්දී මතකයි හිනැහුණා තාලෙට                   නළවද්දී අම්මව තාත්තව නිරතුරු                       සිහිවද්දී සෙනෙහස සමග මතකයි සුන්දර                සිද්දී සදහට නොවෙනස්ය ඔබලාගේ සෙනෙහෙ කද තවමත් ඇසෙනවා ආදර ස්වරයෙ                නද ළග නැති හින්දා හඩනවා හැම විටම            හද සෙත් කවියක් ලෙසින් ගළපමි සදැස්            පද 

සිත්තම් අරණ

Image
ඔටුණු තනන්නට හැකි වේවා!! බඩු මිල, ගෑස් මිල, කිරිපිටිවල මිල වැඩි වෙනකොට දරුවන්ගේ බත් පිගන් මහලොකුවට අඩුවෙලා තිබ්බෙ නෑ හිස් උනේ අම්මලා තාත්තලාගේ බත් කටවල්.... ළමයින්ගේ හීන තාමත් ඔන්ලයින් අස්සේ හරි අමාරුවෙන් පණ ගැහෙනකොට හීන වලට උනත් සල්ලි අස්සෙ මිලක් නියම වෙන කාලෙක මහ රෑට අම්මලා තාත්තලා සුසුම් හලන එක විතරක් වැඩි වෙලා.... පරිස්සමින් ගිහින් එන්න කියලා තාත්තා වියදමට දෙන සල්ලි අඩුවෙලත් නැති එක මහ පුදුමයි වෙනදට වඩා තාත්තලා ලගින් එන  සිද්දාලේප සුවදනම් වැඩි වෙලා හෙමිහිට ඒ ඇස්, ඒ කතා කෙදිරුවේ දරුවෝ ඉගෙන ගනීවි... සුසුම්බර අප්පච්චිලාගේ සිද්දාලේප සුවද වැඩියෙන් දැනුන තාත්තලාගේ දරුවන් වෙනුවෙන් උදේ කෑම එක නොකා රෝහල් සායනවලට ආපු අම්මලාගේ ඒ හිත් වල අයිතිකාර දරුවන්ට ඔවුන්ට ඔටුනු තනන්නට හැකි වේවා!!!

සිත්තම් අරණ

අපි අපව බැද තබා ගමු... තනි ඉරටු කැබලි බිදී යා හැක එකට ගුලි වී ආදරෙන් මිටි බැදිය යුතු කාලයයි.. ආදරය, විශ්වාසය, එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම, දරාගැනීම මිටි බැදිය යුතුමය වෙහෙසකර දවස්වල බිදුණු සිතුවිලි එක්ක අමාරුම තැන්වල ලගම වුන් අය එක්ක මිටි බදින්න තනි ඉරටු බිදී කැඩී යාවී අපි අපව බැද තබා ගමු...

සිත්තම් අරණ

විරහව  වසත් කාලය නොපෙනෙන දුර අදත් තනියම මා සිටින්නේ හදේ ලතැවුල් දරා රහසින් ඔබේ දෑසයි මා සොයන්නේ වරා මල් පිපිලා ඉඩොරේ මගේ දෑසග ලගම ඉන්නේ සුවද නැතුවට ඒ වරා මල් වරා මලමයි හද පතන්නේ සෙනේ ගිලිහී ඉහිරි ඉහිරී ඔබේ දෑසග සොයා වෙහෙසී අදත් විරහවමයි තියෙන්නේ....

සිත්තම් අරණ

ආදරියේ ඔබ‍ට ලියනෙමි  සොඳුරු ගම්මානයෙ සඳසාවි හිනැහුනේ  තරු පොකුරු පිරිවරා අහසම හැඩ කළේ  පොල් අතු සෙවිලි කළ පියස යට සිටි දිනේ  පියස අතරින් පෙනුණි යළිත් සඳ සාවියේ  සොඳුරු සඳ පැයුවාට තරු පොකුරු පිරිවරා  මගේ මවගේ සිනහවෙන් ඇගේ මුහුණ මැලවුනා  මම වඩින විට මෙහෙට සිත් මලත් පිබිදුනා  පියස අතරින් පෙනිණ පෙරදී සඳු දුව යනා  සිතේ හටගත් මහා ගිනි දැල්පි පිදුරුලන ලොව දැඩි කළ දිනේ  මහා සයුරක් විලස දෙනෙතින් කඳුළු මිලිනව ගිය දිනේ  විසල් සිත් මල් අතෙහි දරමින් ලොවම මා ජය ගත් දිනේ  නුඹම පමණයි ළඟින් හිටියෙ කඳුළු පිසින්නට මා නෙතේ  රුදුරු ලෝකයේ ඈතකට වී මෙලෙස කාලය ගත වුණත්  ඇසෙයි නිරතුරු ඔබගේ රාවය සවන් පුරවා ලොවේ  රෑට සිහිනෙන් නිදි යහනේ දී පෙනෙයි ඔබේ රුව මැවි මැවී  කඳුළු රැඳුනේ  මගෙත් නෙත් යට රහසින් සැමදිනේ  නුඹේ සෙනෙහස සිහිවෙනා විට දුවන් එන්නට මට සිතේ  ඔබේ ඇකයෙහි තුරුලුවී කවි අසන්නට සිත් වෙතේ  නමුදු අම්මේ කෙලෙස එන්නද ගී අසන්නට පෙර ලෙසේ  නොවරදා මම ලබන පෝයට ඔබ බලන්නම එන්නෙමි...

සිත්තම් අරණ

නිහඩ පෙම  නුවන් පෙති යුග සලා හිනැහෙන  හද රැඳි කඩුපුල් මලේ  ලයේ සුසුමන්ර හදේ රඳවා  දුරක සිට හදවත  සිඹී  දුරක දිස්වන ඔබේ දෑස් අග  වෙලා මායාවක් ලෙසේ  මගේ හදවත වෙලා දෑලින්  කියන සෙනෙහස මා හදේ  වදන් මුමුනා කියනු බැරි වූ හදේ  ඉකිලන කාරනේ  තවත් සඟවා සිනාසෙන්නේ වටී මිතුදම ඒ හදේ.....