සිත්තම් අරණ
අපි අපව බැද තබා ගමු...
තනි ඉරටු කැබලි බිදී යා හැක
එකට ගුලි වී
ආදරෙන් මිටි බැදිය යුතු කාලයයි..
ආදරය, විශ්වාසය, එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම, දරාගැනීම
මිටි බැදිය යුතුමය
වෙහෙසකර දවස්වල
බිදුණු සිතුවිලි එක්ක
අමාරුම තැන්වල
ලගම වුන් අය එක්ක මිටි බදින්න
තනි ඉරටු බිදී කැඩී යාවී
අපි අපව බැද තබා ගමු...
Comments
Post a Comment