සිත්තම් අරණ
ආදරියේ ඔබට ලියනෙමි
සොඳුරු ගම්මානයෙ සඳසාවි හිනැහුනේ
තරු පොකුරු පිරිවරා අහසම හැඩ කළේ
පොල් අතු සෙවිලි කළ පියස යට සිටි දිනේ
පියස අතරින් පෙනුණි යළිත් සඳ සාවියේ
සොඳුරු සඳ පැයුවාට තරු පොකුරු පිරිවරා
මගේ මවගේ සිනහවෙන් ඇගේ මුහුණ මැලවුනා
මම වඩින විට මෙහෙට සිත් මලත් පිබිදුනා
පියස අතරින් පෙනිණ පෙරදී සඳු දුව යනා
සිතේ හටගත් මහා ගිනි දැල්පි පිදුරුලන ලොව දැඩි කළ දිනේ
මහා සයුරක් විලස දෙනෙතින් කඳුළු මිලිනව ගිය දිනේ
විසල් සිත් මල් අතෙහි දරමින් ලොවම මා ජය ගත් දිනේ
නුඹම පමණයි ළඟින් හිටියෙ කඳුළු පිසින්නට මා නෙතේ
රුදුරු ලෝකයේ ඈතකට වී මෙලෙස කාලය ගත වුණත්
ඇසෙයි නිරතුරු ඔබගේ රාවය සවන් පුරවා ලොවේ
රෑට සිහිනෙන් නිදි යහනේ දී පෙනෙයි ඔබේ රුව මැවි මැවී
කඳුළු රැඳුනේ මගෙත් නෙත් යට රහසින් සැමදිනේ
නුඹේ සෙනෙහස සිහිවෙනා විට දුවන් එන්නට මට සිතේ
ඔබේ ඇකයෙහි තුරුලුවී කවි අසන්නට සිත් වෙතේ
නමුදු අම්මේ කෙලෙස එන්නද ගී අසන්නට පෙර ලෙසේ
නොවරදා මම ලබන පෝයට ඔබ බලන්නම එන්නෙමි...
Comments
Post a Comment