Posts

Showing posts from January, 2022

සිත්තම් අරණ

      ජිවිතේ.... පණට පණ බෙදාගෙන ආදරය කරමින් ලොකු හීන බලාපොරොත්තු තියන් මාලිගා හැදුවත් දෙවියෝ කැමති නෑ අහසේ  මාලිගා හදනවට මුළ හරි ලස්සනට ගලපළා මැද හරි ලස්සනට ගළපලා සමහර බැදීම් අග විනාශ වෙලා යන ඉක්මන දෛවය කැමති නෑ ලස්සන තැන් එකතු කරන්න අපි හැමෝම බලාපොරොත්තු වෙන විදියට ජිවිතේ ගෙවිලා යන්නේ නෑ ඒක තමා ජීවිතය......

සිත්තම් අරණ

Image
ආදර දෝණි  මල් හිනා මුව සරසනා ඔය දෑස් මිණිකැට මෙනා හෙමි හෙමින් දින සති ගෙවී ගොස් දෝණි අද ලොකු වෙලා... ජීවිතය අරුතින් මනා හදුනගයි ඔබ හෙමිහිටා ඉවසීම කැපවීම දරාගන්නට සිදුවේවි ගැහැණියකටා.... මගේ ළමාවිය ඔබ වෙතින් දකිමි විදිනෙමි එක සිතින් ඉතින් ලොකු වෙයන් හදිසි නෑ මට දු සිගිත්තී හෙමි හෙමින්.....

සිත්තම් අරණ

Image
අම්මා.. ❤  හිරුය ඔබ මට          දහවලෙහි  එළිය දුන්.... සදුය ඔබ මට          රැය පුරා සිසිලස දුන්..... පියුම ඔබ මට           හද පුරා සුවද දුන්.... අම්මාය ඔබ මගෙ           දිවි මගට අරුත දුන්...

සිත්තම් අරණ

Image
සැබෑ වු සිහිනය....  සොදුරු ජිවන මං තලාවේ දුටුව එක් සිහිනයකි සරසවිය..... එදා දුටු සිහිනය අද යථාර්තයක් වී ඇත පැමිණියද කෙතරම් බාධා ජයගමි ජීවිතය යථාර්තයක් වු සිහිනයෙන්.... සොදුරු ඒ සිහිනයට හැමදාම ආදරෙයි.....

සිත්තම් අරණ

Image
අමාවතුරෙහි අගුල්මල් දමනය  *අඟුල්මල් දමනය පාඩම උපුටා ගත් ග්‍රන්ථය  අමාවතුර * අමාවතුර රචනා වුණු අවධිය  පොළොන්නරු අවධිය *අමාවතුර රචනා කරන ලද්දේ  ගුරුළුගෝමී පඬිවරයා  *ගුරුළුගෝමී පඬිවරයාගේ වෙනත් සාහිත්‍ය කෘති  ධර්මප්‍රදීපිකාව * අමාවතුර සම්බුද්ධ චරිතය රචනා කිරීමේ දී කතුවරයා ගේ විශේෂ අවධානය යොමුව ඇත්තේ  බුදුන් වහන්සේගේ "පුරිසදම්ම සාරථී " බව ප්‍රකාශ කෙරෙන සිද්ධි සමූහය කෙරෙහිය   * අමාවතුර ග්‍රන්ථයෙහි ඇති විශේෂ ලක්ෂණ  සිංහල කතා කලාවේ සංක්ෂිප්ත රීතිය නිරූපණය කරන කෘතිය වීම  සෑම කතාවක් පුරා පැතිරෙන උදාර ගුණය  භාෂා නිපුණතාව  අපූරු වර්ණනා ශක්තිය * අමාවතුර ග්‍රන්ථය අයත් වන්නේ  බණ කතා සාහිත්‍යය ටය. * අමාවතුර ග්‍රන්ථයේ ඇතුලත් පරිච්ඡේද ගණන  18 කි. * අමාවතුර රචනා කිරීමෙහි කතුවරයාගේ බලාපොරොත්තුව  "නොවියත් හුදී ජන සඳහා සිය බසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ "  යන ප්‍රකාශයෙන් තහවුරු වන පරිදි පාලි සංස්කෘත භාෂා නූගත් සාමාන්‍ය ජනයා සඳහා සිය බසින් කෘතියක් සම්පාදනය කිරීමයි.

සිත්තම් අරණ

නවකතාවේ අංග ලක්ෂණ  01. කතාන්දරය  කතුවරයා විසින් සිතේ මවාගන්නා ලද කල්පිතය නැතහොත් ආඛයානය කතාන්දරය ලෙස හඳුන්වයි. නවකථාවක් ලිවීමට කතුවරයා විසින් වස්තු විෂය ලෙස යොදා ගන්නා කරුණු තුනකි   1. තමා විසින් දකින ලද අත්දැකීම් 2. අනුන්ගේ අත්දැකීම් 3. කල්පිත අත්දැකීම් 02. කතා රටාව  කතාව ගොඩනඟන ආකාරය නැතහොත් කතාව ගොඩනැඟීමට අවශ්‍ය වන වස්තු විෂය අවශ්‍ය කරන අමුද්‍රව්‍ය,සංකේත පරිසර වර්ණනා, චරිත යන මේවා මූලික කරගෙන කතාව ගොඩනඟන රටාව කතා රටාව නම් වේ. 03. තේමාව  තේමාව යනු නවකථාවක් ලිවීමට කතුවරයා මූලික කරගනු ලබන මූලික සිද්ධාන්තයන් ය. ලංකාවේ මුල්ම නවකතාව වනුයේ 1905දී ලියවෙන අලුත්ගමගේ සයිමන් ද සිල්වා ගේ මීනා නව කතාවයි. ලංකාවේ ප්‍රථම යථාර්ථවාදී කලාත්මක නවකතාව ලෙස අප හඳුන්වන්නේ විසිවන සියවසේ මහා ගත්කරු කොග්ගල මහා ප්‍රාඥයා වන මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය නවකතාවයි. මෙම නවකතාවට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදී මතය තේමාව කර ගන්නා ලදී. 04. භාෂාව  සාහිත්‍ය කෘතියක භාෂාව තීරණය වනුයේ කතුවරයා යොදාගනු ලබන භාෂාව අනුවය. භාෂාව සාහිත්‍ය භාෂාව ලිපිද භාෂාව යනුවෙන් ද විවිධ ලෙස භාෂාව කොටස් වලට බ...

සිත්තම් අරණ

Image
නිහඩ ආදරයේ හිමිකරු   අරුණෝදයේ පටන් මල හිරු බැස යන තෙක් කාෂ්ට මහ පොළොව සමග පොර බැදුවේ දරු සෙනෙහස නිසාද... ඔය දෑතේ නැගෙන කරගැටවලට  කෙදිනක හෝ ණය ගෙවන්නට  අපට හැකි වෙයිද? ඔබට යන්නට බැරි උනු විශ්වයට  අපව යවන්න වෙහෙසුන තාත්තේ ඔබ‍ට  මේ පද බිද උපහාරයක් වේවා!!!