සිත්තම් අරණ
විශේෂාංග සුන්දර වලවගං කොමළියේ ලියන්ගස්තොට අමුණේ වගතුග👉 අපේ රට පුංචි වුණත් මේ රට තුළ සංචාරය කරන්නෙකුට නම් මේ රටේ සුන්දර තැන් බලන්න කොච්චර නම් තියෙනවද? ඒකාකාරී ජීවිතයෙන් මිදිලා අලුත්ම අත්දැකීමක් විඳගන්න, වෙනස් වූ පරිසරයකට යන්න අපි හැමෝම කැමතියි. ඉතින් එවැනි වෙනස් වූ අත්දැකීමක් ලබාගන්න යන්න හිතාගෙන ඉන්න, සොබා දහමේ අපූර්වත්වය විඳින්න කැමති කෙනෙක්ට නරඹන්න යන්න අපූරුම ස්ථානයක් ගැන කියන්නයි අද මගේ සූදානම. අම්බලන්තොට නගරයට ආසන්නයේ පිහිටි නෝනාගම හන්දියේ සිට ඇඹිලිපිටිය පාරේ කිලෝමීටර් 16km පමණ ගොස් බරවකුඹුක හන්දියෙන් හැරී ලියන්ගස්තොට පාරේ කිලෝමීටර් 2km පමණ ගියවිට ජුලංගැටේ ග්‍රාම නිලධාරී වසම තුළ දී මේ කියන සුන්දර ස්ථානය දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. සමනල කඳු මුදුනින් ආරම්භ වී කෙත් වතු දහස් ගණනක් සරුසාර කරමින් අම්බලන්තොට ගොඩවා යෙන් මහ මුහුද සිපගන්නා වළවේ ගං කොමළිය හරස් කරමින් ලියන්ගස්තොට ගම්මානයේ දී වේල්ලක් බැද ඉදිකර ඇති මේ ස්ථානය ලියන්ගස්තොට අමුණ පිහිටි ස්ථානයයි. මේ ලියන්ගස්තොට අමුණ හැදුණු හැටි ගැන ජනවහරේ අපූරු ජනප්‍රවාදයක් පවතිනවා. ඉතින් ඒ පිළිබඳව මම දැන ගත්තේ මෙහ...