සිත්තම් අරණ

 සුන්දර ළමාවිය.....

හිමිදිරි උදෑසන සුන්දර                          දසුනක්ය

මවගේ අතේ එල්ලී යන                        දැරියක්ය

නොදැනිම ළමාලොව වෙත ගිය  මොහොතක්ය

කාටත් හොරෙන් ඇස අග මගෙ         කදුළක් ය


මගේ පොඩි කාලේ වෙත මතකය දිව         යද්දී

මතකයි හිනැහුණා තාලෙට                   නළවද්දී

අම්මව තාත්තව නිරතුරු                       සිහිවද්දී

සෙනෙහස සමග මතකයි සුන්දර                සිද්දී


සදහට නොවෙනස්ය ඔබලාගේ සෙනෙහෙ කද

තවමත් ඇසෙනවා ආදර ස්වරයෙ                නද

ළග නැති හින්දා හඩනවා හැම විටම            හද

සෙත් කවියක් ලෙසින් ගළපමි සදැස්            පද 

Comments

Popular posts from this blog

සිත්තම් අරණ

සිත්තම් අරණ