සිත්තම් අරණ
ආදර දෝණි
මල් හිනා මුව සරසනා
ඔය දෑස් මිණිකැට මෙනා
හෙමි හෙමින් දින සති ගෙවී ගොස්
දෝණි අද ලොකු වෙලා...
ජීවිතය අරුතින් මනා
හදුනගයි ඔබ හෙමිහිටා
ඉවසීම කැපවීම දරාගන්නට
සිදුවේවි ගැහැණියකටා....
මගේ ළමාවිය ඔබ වෙතින්
දකිමි විදිනෙමි එක සිතින්
ඉතින් ලොකු වෙයන් හදිසි නෑ මට
දු සිගිත්තී හෙමි හෙමින්.....
Comments
Post a Comment