සිත්තම් අරණ

අමාවතුරෙහි අගුල්මල් දමනය 


*අඟුල්මල් දමනය පාඩම උපුටා ගත් ග්‍රන්ථය

 අමාවතුර

* අමාවතුර රචනා වුණු අවධිය

 පොළොන්නරු අවධිය

*අමාවතුර රචනා කරන ලද්දේ

 ගුරුළුගෝමී පඬිවරයා

 *ගුරුළුගෝමී පඬිවරයාගේ වෙනත් සාහිත්‍ය කෘති

 ධර්මප්‍රදීපිකාව

* අමාවතුර සම්බුද්ධ චරිතය රචනා කිරීමේ දී කතුවරයා ගේ විශේෂ අවධානය යොමුව ඇත්තේ

 බුදුන් වහන්සේගේ "පුරිසදම්ම සාරථී " බව ප්‍රකාශ කෙරෙන සිද්ධි සමූහය කෙරෙහිය  

* අමාවතුර ග්‍රන්ථයෙහි ඇති විශේෂ ලක්ෂණ

 සිංහල කතා කලාවේ සංක්ෂිප්ත රීතිය නිරූපණය කරන කෘතිය වීම

 සෑම කතාවක් පුරා පැතිරෙන උදාර ගුණය

 භාෂා නිපුණතාව

 අපූරු වර්ණනා ශක්තිය


* අමාවතුර ග්‍රන්ථය අයත් වන්නේ

 බණ කතා සාහිත්‍යය ටය.


* අමාවතුර ග්‍රන්ථයේ ඇතුලත් පරිච්ඡේද ගණන

 18 කි.


* අමාවතුර රචනා කිරීමෙහි කතුවරයාගේ බලාපොරොත්තුව

 "නොවියත් හුදී ජන සඳහා සිය බසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ "

 යන ප්‍රකාශයෙන් තහවුරු වන පරිදි පාලි සංස්කෘත භාෂා නූගත් සාමාන්‍ය ජනයා සඳහා සිය බසින් කෘතියක් සම්පාදනය කිරීමයි.

Comments

Popular posts from this blog

සිත්තම් අරණ

සිත්තම් අරණ

සිත්තම් අරණ