සිත්තම් අරණ

නවකතාවේ අංග ලක්ෂණ 

01. කතාන්දරය

 කතුවරයා විසින් සිතේ මවාගන්නා ලද කල්පිතය නැතහොත් ආඛයානය කතාන්දරය ලෙස හඳුන්වයි. නවකථාවක් ලිවීමට කතුවරයා විසින් වස්තු විෂය ලෙස යොදා ගන්නා කරුණු තුනකි  

1. තමා විසින් දකින ලද අත්දැකීම්

2. අනුන්ගේ අත්දැකීම්

3. කල්පිත අත්දැකීම්

02. කතා රටාව

 කතාව ගොඩනඟන ආකාරය නැතහොත් කතාව ගොඩනැඟීමට අවශ්‍ය වන වස්තු විෂය අවශ්‍ය කරන අමුද්‍රව්‍ය,සංකේත පරිසර වර්ණනා, චරිත යන මේවා මූලික කරගෙන කතාව ගොඩනඟන රටාව කතා රටාව නම් වේ.

03. තේමාව

 තේමාව යනු නවකථාවක් ලිවීමට කතුවරයා මූලික කරගනු ලබන මූලික සිද්ධාන්තයන් ය. ලංකාවේ මුල්ම නවකතාව වනුයේ 1905දී ලියවෙන අලුත්ගමගේ සයිමන් ද සිල්වා ගේ මීනා නව කතාවයි. ලංකාවේ ප්‍රථම යථාර්ථවාදී කලාත්මක නවකතාව ලෙස අප හඳුන්වන්නේ විසිවන සියවසේ මහා ගත්කරු කොග්ගල මහා ප්‍රාඥයා වන මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය නවකතාවයි. මෙම නවකතාවට චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදී මතය තේමාව කර ගන්නා ලදී.

04. භාෂාව

 සාහිත්‍ය කෘතියක භාෂාව තීරණය වනුයේ කතුවරයා යොදාගනු ලබන භාෂාව අනුවය. භාෂාව සාහිත්‍ය භාෂාව ලිපිද භාෂාව යනුවෙන් ද විවිධ ලෙස භාෂාව කොටස් වලට බෙදා වෙන් කළ හැකිය. ගම්පෙරළිය,කලියුගය, යුගාන්තය යන නවකතා ජනතාව අතර ප්‍රචලිත වීමට ප්‍රධාන හේතුව එතුමා තුළ තිබූ ව්‍යවහාර භාෂාව ය.

05. චරිත නිරූපණය

 කතුවරයාගේ අරමුණ පාඨකයාට ගෙන යන්නේ චරිත් තුළිනි.චරිත තාත්වික විය යුතුය. චරිත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.

1.සංකීර්ණ චරිත

2.වර්ග චරිත

 නවකතාවක තිබිය යුත්තේ සංකීර්ණ චරිතය සංකීර්ණ චරිත යනු  ලේ, මස්, ඇට, නහර වලින් නිර්මාණය වූ මේ භෞතික සමාජ ක්‍රමය තුළ මනෝ විද්‍යාත්මක,සමාජ විද්‍යාත්මක, ආර්ථික විද්‍යාත්ම නැතහොත් අෂ්ටලෝක ධර්මය ට මුහුණ දෙන සැබෑ චරිත විය යුතුය.

06. සංකේත භාවිතය

 සංකේත යනු නවකතාවක යොදාගනු ලබන සංකේතයි. උදාහරණ ලෙස ගම්පෙරළිය නවකතාවේ එන හිරි ගල දේවාලය, කෝච්චි පාර එනම් නගරෙ තියෙන වාණිජවාදය ගමට පැමිණීම,මාතර හාමිනේගේ  අබලන් තත්ත්වයට පත්වීම. නමුත් පියල් නවීන පන්නයේ වාහන වාහන මිලදී ගැනීම. ගම්පෙරළිය නවකතාවේ සංකේත භාවිතයට උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.

07. පරිසර වර්ණනා

 නවකතාවක් සාර්ථකත්වයට පත් වී වීමට අවශ්‍ය වන එක් අංග ලක්ෂණයක් ලෙස පරිසර වර්ණනා පෙන්වාදිය හැකිය. ගම්පෙරළිය නවකතාව තුළ නන්දාට දරුවා ලැබෙන අවස්ථාව කතුවරයා පාඨකයා වෙත ගෙන  එන්නෙ පරිසර  වර්ණනාවකිනි.

08. මනෝ විද්‍යාත්මක ලක්ෂණ

 මනෝවිද්‍යාව යනු මිනිසුන්ගේ මානසික ක්‍රියාවලින්ගේ සභාවයයි. මිනිසුන් තුළ ප්‍රශ්න ගැටුම් ඇති  වීම, යම් යම් කරුණු කාරණා ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු  භූත  ප්‍රධාන   මනෝභාවයන් වල ස්භාවයන් කතුවරයා නිරූපණය කරයි.

Comments

Popular posts from this blog

සිත්තම් අරණ

සිත්තම් අරණ

සිත්තම් අරණ