සිත්තම් අරණ
පතනෙමි ඉක්මන් සුවය!!!🙏🙏
මහ වැස්සට හැකිනම් දොඩමළු
වන්න
හිරු රශ්මියට හැකිනම් දොඩමළු
වන්න
සීතල රැයට හැකිනම් දොඩමළු
වන්න
දා බිදු වලට හැකිනම් දොඩමළු
වන්න
පුළුවනි තාත්තගේ ආදරය මෙතරම් යැයි දැන
ගන්න
උපන්දා සිටම අම්මා මෙන් පණ දෙවැනි කොට
අවංකවම ආදරය මා හට දායාද කල
නැති බැරි කමක් නොදැනෙන්නට කටයුතුම කල
තාත්තේ ඔබයි මිහිපිට දේවතා කැල
තුන් වේලටම අපෙ කුස ගිනි නිවන්න
ඔබ විදි දුක් කන්ද මෙපමණ යැයි කිව නොහැක්ක
ගෙදර ඇවිත් කෙදිරියක්වත් නොගාන්න
මේ තරමට හැකිද තාත්තේ ඔබට ඉවසන්න
ඔබේ අසනීප තත්ත්වය බැහැ ඉවසන්න
හැකි ඉක්මනින් සුව වේවා පතන්නම්
නිදුක් නිරෝගී දීඝායු පතන්නම්
ඔබෙන් තොර ලොවක් කිසදා නොපතන්නම්
නොකීවත් පුතේ මම මෙතරම් ආදරෙයි කියා
එය ලය පතුලෙ නිබදව සගවගෙනම පියා
අපි ඇති දැඩි කලේ මහමෙරකට පැතුම් තියා
එය ඉටු කරනෙමි කෙලෙසක හෝ ඔබගෙ දුවා
Bhagya✏
Comments
Post a Comment