සිත්තම් අරණ


ඔටුණු තනන්නට හැකි වේවා!!









බඩු මිල, ගෑස් මිල, කිරිපිටිවල මිල

වැඩි වෙනකොට

දරුවන්ගේ බත් පිගන් මහලොකුවට

අඩුවෙලා තිබ්බෙ නෑ

හිස් උනේ අම්මලා තාත්තලාගේ

බත් කටවල්....

ළමයින්ගේ හීන තාමත් ඔන්ලයින්

අස්සේ හරි අමාරුවෙන් පණ ගැහෙනකොට

හීන වලට උනත් සල්ලි අස්සෙ මිලක්

නියම වෙන කාලෙක

මහ රෑට අම්මලා තාත්තලා සුසුම්

හලන එක විතරක් වැඩි වෙලා....

පරිස්සමින් ගිහින් එන්න කියලා

තාත්තා වියදමට දෙන සල්ලි

අඩුවෙලත් නැති එක මහ පුදුමයි

වෙනදට වඩා තාත්තලා ලගින් එන

 සිද්දාලේප සුවදනම් වැඩි වෙලා


හෙමිහිට ඒ ඇස්, ඒ කතා කෙදිරුවේ

දරුවෝ ඉගෙන ගනීවි...


සුසුම්බර අප්පච්චිලාගේ

සිද්දාලේප සුවද වැඩියෙන් දැනුන

තාත්තලාගේ

දරුවන් වෙනුවෙන් උදේ කෑම එක නොකා

රෝහල් සායනවලට ආපු

අම්මලාගේ

ඒ හිත් වල අයිතිකාර දරුවන්ට

ඔවුන්ට ඔටුනු තනන්නට හැකි වේවා!!!









Comments

Post a Comment

Popular posts from this blog

සිත්තම් අරණ

සිත්තම් අරණ

සිත්තම් අරණ